Archives: අප්‍රේල් 2023

එයට යන්න ඉඩ හරින්න

ඔගස්ටින්ගේ ස්ව්‍යං චරිතාපදානයේ පාපොච්චාරණය විස්තර කරන්නේ ඔහු යේසුස්වහන්සේ වෙත පැමිණි දිගු ගමන ගැනය. එක් අවස්ථාවක, ඔහු අධිරාජ්‍යයාට අධික ප්‍රශංසනීය කතාවක් (බොරු හොඳක් කියා පෑමට) කිරීමට මාලිගාවට යමින් සිටියේය. රැවටිලිකාර අත්පොළසන් හඬ ගැන ඔහු කලබල වෙමින් සිටිද්දී බේබදු යාචකයෙකු “විහිලු කරමින් සිනාසෙමින්” සිටිනු දුටුවේය. බොහෝ අඩු උත්සාහයකින් මත්පැන් බීමෙන් තමා බලාපොරොත්තුවූ සතුටක් බේබද්දෙකුට ඇති බව ඔගස්ටීන්ට වැටහුණි. එබැවින් ඔගස්ටින් ලෞකික සාර්ථකත්වය…

භාවිතයට ලණුව ඉතා කෙටිය

මාග්‍රට් නැන්දාගේ අරපිරිමැස්ම ජනප්‍රිය විය. ඇය අභාවප්‍රාප්ත වූ පසු, ඇගේ ඥාති දූවරුන් ඇගේ බඩු බාහිරාදිය වර්ග කිරීමේ කටුක කාර්යය කාන්සාව සමඟ ආරම්භ කළහ. ලාච්චුවක, කුඩා ප්ලාස්ටික් බෑගයක් ඇතුළත පිළිවෙලට අසුරන ලද, කුඩා නූල් කැබලි එකතුවක් ඔවුහු සොයා ගත්හ. ලේබලයක මෙසේ සටහන් ව තිබුණි: “භාවිතයට නූල කෙටි වැඩියි”

ප්‍රයෝජනයක් නැති බව දන්නා දෙයක් තබා ගැනීමට සහ වර්ග කිරීමට යමෙකු පොළඹවන්නේ කුමක්…

යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කරන්න

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නුවර දුම්රිය ස්ථානයක දුම්රියක් එනතුරු බලා සිටින විට, සාමාන්‍ය කලිසමක් සහ කමිසයක් ඇඳගත් තරුණයෙක් එම ස්ථානයේ බංකුවක වාඩිවී සිටියේය. ඔහුට තම ටයි පටිය ඇඳීමට අපහසු බව දුටු වැඩිහිටි කාන්තාවක් ඔහුට උපකාර කිරීමට ඇගේ ස්වාමිපුරුෂයාව උනන්දු කළාය. වයෝවෘද්ධ පුද්ගලයා දණ ගසා ටයි පටිය ගැට ගසන ආකාරය තරුණයාට උගන්වන්නට පටන් ගත් විට, නාඳුනන අයෙකු තිදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මෙම…

සමාව දීමේ බලය

මැර කල්ලියක් විසින් පැහැරගෙන ගිය මිෂනාරිවරුන් දාහතක් ගැන 2021 ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් විය. ඔවුන්ගේ කප්පම් ඉල්ලීම් ඉටු නොකළහොත් ළමයින් ඇතුළුව මුළු කණ්ඩායම මරා දමන බවට කල්ලිය තර්ජනය කළහ. ඇදහිය නොහැකි ලෙස, සියලුම මිෂනාරිවරුන් නිදහස් කර හෝ එතනින් පැන පලා ගියෝය. ආරක්ෂා ස්ථානයන්ට ළඟා වූ පසුව, ඔවුන් අල්ලාගත් අයට මෙවැනි පණිවිඩයක් යැව්වේය: එනම්, “යේසුස්වහන්සේ අපට වචනයෙන් සහ උන්වහන්සේගේම ආදර්ශයෙන් ඉගැන්වූයේ සමාව…

මැවිල්ල සොයා ගැනීම

යුරෝපයටත් ආසියාවටත් මැද පිහිටා ඇති ජෝර්ජීයාවේ කෘබෙරා-වොරොන්ජා යනු පෘථිවියේ මෙතෙක් ගවේෂණය කර ඇති ගැඹුරුම ගුහා වලින් එකකි. එහි බොහෝ දුරට සිරස් අතට ඇති ගුහා අඳුරු හා බියකරු වන අතර මීටර් 2,197 ක් දක්වා ගැඹුරට ගවේෂකයන් කණ්ඩායමක් ගවේෂණය කර ඇත - එනම් පෘථිවියට අඩි 7,208 ක් ගැඹුරටය. මේ හා සමාන ගුහා, ඒවායින් හාරසියයක් පමණ, රටේ අනෙකුත් ප්‍රදේශවල සහ ලොව පුරා පවතී.…